නි. ඇමති තෙවරප්පෙරුම ලිහිනිපිටිය වන අලි තර්ජන ගැන සොයා බලයි

(කොළඹ, ලංකාපුවත්) – මාතලේ – අකරහඩුව, ලිහිණිපිටිය ගම්මානයේ දී පසුගිය දා වන අලි ප‍්‍රහාරයකින් මිය ගිය පවුල් දෙකේ ඥාති පිරිස් හමුවීම සදහ වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (24) එහි සංචාරයක නිරත විය.

ලිහිණිපිටිය ප‍්‍රදේශයේ දී ඉකුත් දා (20) රාත‍්‍රී හතට පමණ වන අලි පහරදිමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්විය.

වන ජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ සංචාරයේ දී අකරහඩුව- ලිහිනිපිටිය ලිපිනයේ පදිංචිව සිට මිය ගිය සුමුදු කමල් හේරත් (28* සහ නාලක රුවන් කුමාර (28* දෙදෙනාගේ පවුල්වල සුව දුක් බැලීමට පියවර ගත්තේය.

වන අලි හේතුවෙන් අවදානමට ලක්ව ඇති ලිහිනිපිටිය ප‍්‍රදේශයේ රක්ෂිත ප‍්‍රදේශ ඉවත් කිරීම, කිලෝ මීටර් 15 ක් අලි වැට කඩිනමින් ඉදිකිරීම සහ එම කටයුතු සිදුවන තෙක් වනජීවි කාර්යාලයක් ලිහිනිපිටිය ප‍්‍රදේශයේ තාවකාලිකව ස්ථාපිත කිරීම ආදි කරුණු රැසක් කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණි.

කටයුතු කඩිනම් කිරීම සඳහා එම ස්ථානයේ දීම අදාල අංශ දැනුවත් කරමින් අමාත්‍යවරයා උපදෙස් ලබාදීම ද සිදුකරන ලදී.

ලග්ගල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත‍්‍රික් කලමණාකරු අබේරත්න බණ්ඩාර,පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ නාඋල නියෝජිත නිශාන්ත මාරසිංහ මහත්වරු ඇතුළු ප‍්‍රදේශයේ විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *