සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් – ක්‍රීඩා ඇමති

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සිදු කරන ලද ප්‍රතිසංස්කරණයන්ගෙන් අනතුරුව ඉදිරියේ දී විවෘත කිරීමට නියමිත කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය හෝටලය තුළ මත්පැන් අලෙවිය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පියවරගත් බවයි. තව ද ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන මෙවැනි මෙවැනි ස්ථානයක මත්පැන් අලෙවි කිරීම ශ්‍රී ලාංකික සංස්කෘතික ගුණාංගයන්ට ද නොගැලපෙන බැවින් එය තහනම් කිරීමට තීරණය කළ බවද අමාත්‍ය වරයා පැවසීය.

තවද වැඩිදුරටත් අදහස් දක්වන ක්‍රීඩා අමාත්‍යවරයා “අප රටේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සේවය සපයන එවන් ආයතනයක් තුළ ශ්‍රී ලාංකික සංස්කෘතියට සහ ශ්‍රී ලාංකික ගුණාංගයන්ට ද නොගැලපෙන බව මගේ මතයයි. පෞද්ගලිකව මමත් විශ්වාස කරනවා එවැනි ස්ථානයක මත්පැන් අලෙවිය සිදු නොකළයුතු බව. එමගින් එම ආයතනයෙහි සේවය ලබාගන්නා අප රටේ අනාගත ක්‍රීඩා තරුවලට ශක්තියක් විය හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. එම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි සුගතදාස ක්‍රීඩාංගණ හෝටලය තුළ මත්පැන් අලෙවිය තහනම් කිරීමට මම පියවර ගත්තා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *