හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය 03ක් ප්‍රශ්න කරයි

(කොළඹ, ලංකාපුවත්) – පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඔහු අද(25) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියේ තංගල්ල,වීරකැටිය – ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගැනීම සහ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක්ද නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *