කුසල්ගේ තත්ත්වය බරපතළ නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්

(කොළඹ, ලංකාපුවත්) –බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිටියදී අනතුරකට ලක් වු ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ තත්ත්වය බරපතළ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.

දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්‍රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී කුසල් ජනිත් පෙරේරා ක්‍රීඩා පිටියේ හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *