ට්‍රම්ප් – පුටින් හමුවකට සැලසුමක්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හෙට (27) මොස්කව් නුවර දී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මුණ ගැසේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් සංවිධාන කිරීම ද ඔවුන් අතර සාකච්ඡාවේදී අවධානයට යොමු වන බව සඳහන්ය.

අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්ගේ රුසියානු සංචාරයට පෙර ධවල මන්දිරය ද ඒ පිළිබඳ ඉඟියක් කර තිබේ.

අමෙරිකානු පාර්ශවයෙන් අනුමැතියක් ලැබෙන්නේ නම්, ජනපති ට්‍රම්ප් මුණ ගැසීමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගිය දා කියා සිටියේය.

එම හමුව සඳහා ඔහු යෝජනා කළේ වියානා නුවර ය.

එසේම ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම හමුව බොහෝ දුරට ජුලි මස 15වනදා සිදුවනු ඇති බවට ය. කෙසේ නමුත් මෙම හමුව පැවැත්වෙන දිනය ලබන සතියේ මැද භාගයේ දී ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + twenty =