නොමිලේ කොන්ඩය කපන දන්සැලක් හෙට

(කොළඹ, ලංකාපුවත්) – විවිධ වර්ගයේ ආහාර පාන ලබා දෙන දන්සැල් පිළිබඳ අපට මෙම පොසොන් පොහොය සමයේ දී යළිත් තොරතුරු ලැබේ. ඒ අතරින් හෙට (27) පැවැත්වෙන අපූර්ව දන්සලක් පිළිබඳව අපට වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

නොමිලයේ කොන්ඩේ කපන දන්සලක් හෙට ගම්පහ නැදගමුව ප්‍රදේශයේ සංවිධාන කර ඇත.

එහි සංවිධායක චමිල් සුරංග ධර්මසේන මහතා කියා සිටියේ වයස අවුරුදු 45ට ඉහළ වැඩිහිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ‍පොසොන් පොහොය යෙදෙන හෙට දිනයේ දී පැවැත්වෙන බවය.

මෙය උදෑසන 08.15ට පමණ ආරම්භ වන අතර සවස් කාලය වන තුරු පැවැත්වේ.

තැපැල්පෙට්ටිය හංදිය, නැදගමුව, ගම්පහ යන ස්ථානයේ මෙය සංවිධාන කර තිබේ.

මෙම කටයුත්ත සදහා කරණවෑමියන් 12දෙනෙක් දායකත්වය ලබා දෙයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0776043720 දුරකථනයෙන් චමිල් සුරංග ධර්මසේන මහතා ඇමතීමෙන් ලබා ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 18 =