මාතර සිද්ධියේ වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

වෙඩි හුවමාරුවේදී පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීම සඳහා එම අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු කටයුතු කර තිබුණි.

එක් පුද්ගලයෙකු මේ වන විට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයින් ඇගයීම සඳහා මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =