යාපනයේ පොදු ළිදක කුඩා දැරියකගේ මළ සිරුරක්

(කොළඹ, ලංකාපුවත්) – කුඩා දැරියකගේ මළ සිරුරක් යාපනය, සුලිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය පවසයි.

ඊයේ(25) සවස 04.15ට පමණ ප්‍රදේශයේ පොදු ළිඳක තිබී මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

මියගිය දැරිය වයස අවුරුදු 06ක් වු සුලිපුරම් ප්‍රදේශයේ පදිංචි සිවනේෂන් රජිදා යන අයවේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කර මෘත ශරීරය යාපනය රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය අද(26) සිදු කිරීමට නියමිතය.

වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 3 =