ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 144 ක ඉලක්කයක්

(කොළඹ, ලංකාපුවත්) –සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 93ක් රැස් කළේය.

පන්දු යැවීමේ දී නායක සුරංග ලක්මාල් ලකුණු 25 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 204 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 154ක් රැස් කළේය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 144 ක් ඉලක්කයක් හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − eight =