කාසල් වීදිය කාන්තා රෝහලත් ඩිජිටල්කරණයට

(කොළඹ, ලංකාපුවත්) – කාසල් වීදිය කාන්තා රෝහලේ සෞඛ්යර වාර්තා තොරතුරු සහ රෝගී ප්රදතිකාර සේවාවන් රැසක් ඩිජිටල් කරණය කෙරේ.

මේ අනුව රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර මේ නිසා රෝගියාට ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු සියළු සේවාවන් ඉතා විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කර ගැනීමට හැකිවේ. එසේම නැවත වරක් රෝගියාට රෝහල් ගතවීමට සිදු වුව‍හොත් රෝගී ඉතිහාසය පිලිබද දත්ත බාකෝඩ් අංකය යටතේ වාර්ථා වී තිබීම නිසා කඩිනමින් වෛද්‍යවරයාට එය පරිශ්රීරලනය කිරීමට හැකිවේ.

තවද සාමාන්‍ය පරිදි මෙතෙක් කලක් සිදු කෙරුණු රෝගීන්ගේ එක්ස් රේ ගැනීමේ කටයුතු මින් ඉදිරියට ඩිජිටල් කරණය කිරීම නිසා විනාඩී කිහිපයක් තුලදී ඉතාමත්ම ගුණාත්මක බවින් ඉහළ එක්ස් රේ පතක් නිරීක්ෂණය කිරීමේ හැකියාව වෛද්‍යවරයාට ලැබේ.

රෝගීන්ට ‍බෙහෙත් නිකුත් කිරීම සහ රෝහලේ ඖෂධ තොග කළමණාකරණය කිරීමද මෙම ඩිජිටල් කරණය යටතේ නව්‍යකරණයට ලක්කර ඇති බව වෛද නිලධාරී වෛද්‍ය ප්‍රවීන්ද සිල්වා මහතා සදහන් කරයි.

මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කාසල් වීදිය කාන්තා රෝහලේදී සිදු කෙරෙණි.

එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා:

ජාත්‍යන්තරයේ පවා අද අපේ රටේ සෞඛ්‍ය සේවාව ඇගැයීමට ලක්ව තිබෙනවා.සමහර අංශ වලින් අපි දෙවැනි වී තිබෙන්නේ ඇමරිකාවට පමණයි.ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානය අද කියනවා ලංකාවට මේ දේවල් කරන්න පුළුවන් උනානම් ඇයි අනිත් රටවල් වලට බැරි කියලා. ඖෂධ කළමණාකරණය කිරීමට මෘදෘකාංගයක් හදුන්වාදීම නිසා රුපියල් මිලියන ගණනාවක් ඉතිරිකර ගැනිමට හැකිවී තිබෙනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීමේදී ඒ වෙනුවෙන් ප්‍රමුඛ වැඩකොටසක් කරන්නේ වෛද්‍යවරුන් විසින්මයි. ඒ නිසා සුළු මුදලක් වැයකර එම කටයුතු කර ගැනීමට හැකිවී තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සිදු කරන කාර්ය භාරයට අපේ ස්තුතිය ඔවුන්ට හිමිවිය යුතුයි.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන සදහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍ය ව්‍යාපෘතිය යටතේ සිදු කර ඇත.
රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය වෛද්‍ය වජිර දිසානායක, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඞසටහන් කළමනාකරු ශ්‍රියානන්ද රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *