කුසල් ජනිත් ක්‍රිකට් පිටියේදී අනතුරකට ලක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අනතුරකට ලක්ව තිබේ.‍

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්වන ටෙස්ට් ක්‍රිකට් මේ වන විට බාර්බඩෝස්හි කෙන්සිනටන් ඕවල් ක්‍රීඩාංගණයේදී තරගයේ පන්දු රකිමින් සිටියදීය.

දිල්රුවන් පෙරේරා යැවූ 28 වන පන්දුවාරයේ 5 වන පන්දුවේදී පන්දුවට පහර දෙමින් සිටි ශෙනෝන් ග්‍රේබ්රියල් එල්ල කළ හයේ පහර රැක ගැනීමට යාමේදී කුසල් ජනිත් පෙරේරා මෙලෙස අනතුරට ලක්විය.

ක්‍රීඩා පිටියේ හතරේ සීමාව ආසන්නේ තිබූ දැන්වීම් පුවරුවක ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

මේ වන විට ඔහු රෝහල් ගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *