පැන ගිය අපරාධකරුවන් සොයා විල්පිට කැලේ මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – කඹුරුපිටියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවේදී පලා ගිය සැකකරුවන් දෙදෙනෙකු සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය එක්ව කඹුරුපිටිය විල්පිට රක්ෂිතයේ එම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

මාතර කඹුරුපිටිය අකුරැස්ස මාර්ගයේ විල්පිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 07 .45 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී දකුණේ පාතාල කල්ලි සමාජිකයෙකු මිය ගියේ ය.

විශේෂ කාර්ය බලකාය එම අවස්ථාවේදී කළ වෙඩි තැබිමෙන් මාකදුරේ මදුෂ් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දකුණු පළාතේ සිටින ප්‍රධානමත ගෝලයෙකු වන හේවා සුදු අකුරුගේ මානෙල් රෝහණ හෙවත් තිලක් නමැත්තා මියගිය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *