දැනට පවතින වීසා ලබා දීමේ ක්‍රමවේදය සංශෝධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම තීරණය ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම නිසා මතුවී ඇති ගැටළුකාරී තත්ත්වයයි.

මේ සඳහා නව රෙගුලාසි මාලාවක් මේ වනවිටත් සකස් කර ඇති අතර, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ කිහිපයක් ඊට දායකත්වය ලබාදී තිබේ.

නීතිපතිවරයාගේ අවසරය ලද වහාම එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව විෂයභාර අමාත්‍ය එස්.බී. නාවින්න මහතා කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × two =