මයිකල් ජැක්සන්ගේ පියා මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – සුප්‍රක්‍රට හිටපු පොප් ගායක මයිකල් ජැක්සන්ගේ පියා වන ජෝ ජැක්සන් මිය ගොස් ඇත.
දින ගණනාවක් ඔහු පිළිකාවක් සමග සටන් වදිමින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.

ඔහු මියයන විට 89 වැනි වියෙහි පසුවිය.

මයිකල් ජැක්සන්ගේ අභාවයට වසර 09ක් ගත වී දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ජුනි 27 ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු දරුවන් 11 දෙනෙකුගේ පියෙකි. පසුගිය 22වනදා ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් දින පහකට පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ජෝ ජැක්සන් විසින් සිය පිරිමි දරුවන් පස් දෙනෙකු යොදාගෙන නිර්මාණය කළ “ජැක්සන් ෆයිව්” නැමැති සංගීත කණ්ඩායම 70 දශකයේ ඉතා ජනප්‍රියත්වයට පත්විය. ජෝ ජැක්සන් එහි කළමනාකරු ලෙස ද කටයුතු කළේය.

පසුව මයිකල් ජැක්සන්, ජැනට් ජැක්සන් හා රැන්ඩි ජැක්සන් තනිව සිය සංගීත දිවිය ආරම්භ කළේය.

ජෝ ජැක්සන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − nineteen =