ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් පනස් හයවන වරටත් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වන ඊයෙ(27) දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

මිහින්තලා පුදබිම වෙත පැමිණ ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව විදුලි පහන් දල්වා ආලෝක පූජාව විවෘත කළේය.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන්වන රංජිත් සියඹලාපිටිය, පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ලේක්හවුස් ආයතනයේ සභාපති කි‍්‍රෂාන්ත කුරේ මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහින්තලා පුදබිමට සම්බුදු සිරිපා ශෛලමය අනුරුවක් නිර්මාණය කර පූජා කළ වලානේ උපුල් සමන්ජිත් පෙරේරා මහතා වෙත සහ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ දැවමය ප‍්‍රතිමාව පූජාකළ මොරටුවේ සනත් සුදර්ශන යන මහත්වරුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *