ලෝක ශුර ජර්මනිය ෆිෆා මුලික වටයෙන්ම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –2018 ෆිපා ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවත් විමට පසුගියවර (2014) කුසලානය දිනාගත් ලෝක ශුර ජර්මන් කණ්ඩායමට සිදුවිය.

ඒ ඊයේ (27) පැවැති මුලික වටයේ තරගයකින් දකුණු කොරියා කණ්ඩායම හමුවේ ගෝල 2-0 ලෙස පරාජයට පත් විමත් සමගය.

මෙ අනුව ජර්මන් කණ්ඩයමට 16 දෙනාගේ වටය⁣ට සුදුසුකම් ලැබිමේ අවස්ථාව ගිලිහි ගියේය.

මෙවර F කාණ්ඩය යටතේ තරග වැදුණු ජර්මනිය තමන් ක්‍රීඩා කල තරග තුනෙන් ජය ගැනිමට සමත් වුයේ ස්විඩන් කණ්ඩායම (2-1) සමග පැවති තරගය පමණි.

මෙක්සිකෝව (1-0) හා ඊයේ (27) පැවති දකුණු කොරියා කණ්ඩායම (2-0) සමග තරග පරාජයට පත් විය.

මේ අනුව F කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව කාණ්ඩායම් 04 අතුරි අවසානයේ පසුවිමට ජර්මන් කණ්ඩායමට සිදුවිය.

මෙ අනුව F කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මෙක්සිකෝ හා ස්විඩන් කණ්ඩායම් ද්විත්ව අවසන් කණ්ඩායම් 16 දෙනා අකරට සුදුසුකම් ලැබිමට සමත්ව සිටි.

එසේම ජර්මන් කණ්ඩායමකට පාපන්දු ⁣ලෝක කුසලාන තරගාවලියක මුලික වටයෙන්ම ඉවත් විමට සිදුවුයේ වසර 80 කට පසුව විමද සුවිශේෂි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + six =