විදේශ සේවා නියුක්ති කාර්යාංශය, පොලිස් නිළධාරීන් දැනුවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ සේවා නියුක්තියේදී විය හැකි මිනිස් වෙළදාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ කාර්යභාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පැවැත්වු දැනුවත්වීමේ වැඩසටහන සදහා බස්නාහිර පලාතේ කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල පොලිස් ස්ථානවල පොලිස් නිළධාරීහු 250ට අධික පිරිසක් සහභාගි වූහ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා විසින් ආරාධිත දේශනය සිදුකරන ලදී.

මිනිස් ජාවාරම හා කාර්යාංශ පනත පිළිබද කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිනී නීතීඥ චේකා ප්‍රේමසිරි මහත්මිය විසින් දේශනයක් පැවැත්වූ අතර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති කීර්ති මුතුකුමාරණ මහතා විසින් පනත හදුන්වාදෙන ලදී.

මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් රථවාහන දිසා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහභාගි වූ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =