මුදල් හා වටිනා භාණ්ඩ මැලේසියා හිටපු අගමැති නිවසෙන් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – චෝදනා ලැබ සිටින මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් හා වටිනා භාණ්ඩ රැසක් එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

එම භාණ්ඩ හා මුදල්වල වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 275 ඉක්මවන බව විදෙස් මාධ්‍ය සදහන් කර ඇත.

රන් භාණ්ඩ, අත් බෑග්, ඔරලෝසු ඇතුලු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව සදහන් ය.

පසුගියදා පැවති මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත්විය.

ඔහුට එරෙහිව මූල්‍ය විශුද්ධිකරණ චෝදනා එල්ල වී තිබේ. ඒ යටතේ පොලීසිය ඔහුගේ නිවස සෝදිසි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *