ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී මුදල් වංචාකළ අයෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෙ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබානොදීම හා වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කරන බව පවසා කාන්තාවක් රවටා නිත්‍යානුකූල විවාහවීම් ඇතුළු පැමිණිලි කිහිපයකට ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කොළඹ පිටකොටුවේ බස් නැවතුම්පොළ අසළ හෝටලයක නවාතැන්ගෙන සිටියදී, ඊයේ (27) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31වන වැලිකැටිය, පමුණුගම ප්‍රදේශයේ පදිංචි අයෙකි. සැකකරු සන්තකයේ තිබූ වෙද නලාවක් හා රුධිර පීඩනය පරික්ෂා කිරීමේ උපකරණයක් ද සොයා ගෙන ඇත.

මෙම සැකකරු ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිට ප්‍රදේශවාසීන්ගෙන් මුදල් ණයට ගෙන කැසිනෝ ක්‍රීඩාවේ යෙදී ඇති බවට අනාවරණය වී තිබේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *