අමෙරිකාවේ පුවත්පත් කාර්යාලයක වෙඩි තැබීමකින් 05 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පුවත්පත් කාර්යාලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.

කැපියල් ගැසට් නම් වූ පුවත්පත් ආයතනයේ ප්‍රවෘත්ති කාර්යාලය වෙත එහි වීදුරු දොර පිටතින් සිට වෙඩි තැබිම සිදු කර ඇති බව සදහන් වේ.

වෙඩි තැබිමෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩි තැබිම සිදු කළ 30 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *