වාලම්පුරියක් සමඟ 07ක් සැකපිට අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –විකිණීම සඳහා සූදානම් කර තිබූ රුපියල් කෝටි ගණනක් වටිනාකමක් ඇතැයි කියන විශාල ප්‍රමාණයේ වාලම්පුරියක් සමග පුද්ගලයන් 07දෙනෙක් ඊයේ(28) කුරුණෑගල, මල්කඩුවාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ලත් සැකකරුවන් 32,38, 39, 40, 42, 46 , සහ 49 යන වයසවල පසුවන පොතුහැර, කන්තලේ සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද(29) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ.

කුරුණෑගල පොලිසිය විසින් මේ පිළිබඳ ඉදිරි විමර්ෂණ සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 18 =