හබරකඩ වසන්තගේ බිරිඳ අත්අඩංගුවට ගනී

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය සතියේ මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණි සැකකරුවෙකු පොලීසිය විසින් හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

‘හබරකඩ වසන්ත‘ නැමති අදාළ සැකකරු සොයා පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වී ඇති අතර අදාළ සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ නිවසේ සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය නිවස පරීක්ෂා කර තිබේ.

එහිදී මාතර වෙඩි තැබීම සිදු කිරීමට රැගෙන ආ බවට සැක කළ හැකි රිවෝල්වරයක්,ජීව පතොරම් 4 ක් හා හිස් පතොරම් කොපු 2 ක් නිවසේ සැඟව තිබිය දී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

අදාළ අවස්ථාවේ දී සැකකරුගේ බිරිඳ නිවසේ සිට ඇති අතර ඇයගේ අනුදැනුම මත මෙම භාණ්ඩ නිවස තුළ සඟවා තිබී ඇති බැවින් පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *