පුවත්පත් මණ්ඩලයට අධ්‍යක්ෂ මණ්ඩලයක් ජනපති පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත.

ඒ අනුව සභාපති වශයෙන් අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා නැවත වරක් පත් කර ඇති අතර සෙසු සාමාජිකයින් ලෙස සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එස්. තිෙලෙනාදන් මහතා, මාධ්‍යවේදී මුදිත කාරියකරවන මහතා සහ වෘත්තීය සමිති ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන සෝමවීර චන්ද්‍රසිරි මහතා පත් කර තිබේ.

එසේම රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිලබලයෙන් පත්ව ඇත.

ඒ අනුව වසර තුනක කාලයක් සඳහා මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ක‍්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − two =