බ්‍රසීල ජාතිකයින් ගිල දැමූ කොකේන් ගුලි 153 ක් එළියට ගනී

(කොළඹ, ලංකාපුවත්) –කොකේන් ගිල මෙරටට පැමිණ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් මේ වන විට කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු ගුලි 153 ක් සොයාගෙන ඇති බව පොලීසිය සදහන් කරනු ලැබේ.

පළමු සැකකරු ගිලින ලද කොකේන් ගුලි 88ක් පළමුව සොයා ගෙන ඇත.

දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක් සොයාගත් අතර මෙම සියල්ලෙහි බර කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 400ක් පමණ වේ.

එහි වටිනාකම රුපියල් මිලියන 35 ක් පමණ වන බව පොලීසිය සදහන් කරනු ලැබේ.

සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ මේ වන විට මීගමුව රෝහලේ රදවා ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිලිබද වැඩිදුර පරීක්ෂන පවත්වන අතර ඔවුන් දෙදෙනා ජුනි 30 සහ ඊයේ (01) දෝහා සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ යානාවලින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *