රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද පස්වරුවේ

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ රෝයි ද සිල්වා මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද(02) පස්වරුවේ සිදුකෙරේ

සිංහල සිනමාවේ හාස්‍ය උත්පාදනය,සම්භාව්‍ය සිනමාව, වණිජ සිනමාව යන සියලු අංශයන්හී කැපී පෙනෙන දායකත්වයක් ලබාදීමට රෝයි ද සිල්වා මහතා සමත්විය.

චිත්‍රපට නිෂ්පාදනයට ප්‍රවිශ්ඨ වෙමින් රෝයි ද සිල්වා මහතා දේශීය සිනමා කර්මාන්තය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යේෂ්ඨ සිනමා කරුවෙකි.

රෝයි ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වන විට 80 වැනි වියේ පසුවුණි.

මධු සිහින, සැනසිලි සුවය,පික්පොකට්, මේ දැස කුමට ද,මිනිසුන් අතර මිනිසෙක්,ම්හිදුම් සිහින,ඔබට දිවුරා කියන්නම් ආදී විශිෂ්ඨ සිනමා කෘති වෙනුවෙන් සිය රංග ප්‍රතිභාව මුසු කළ ඔහු චෙරියෝ ඩාලිං, රැ ඩැනියෙල් දවල් මිගෙල්,ඔක්කොම කණපිට ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් මෑත යුගයේ සිනමාවට නව ජීවයක් ලබාදුන්නේය.

රෝයි ද සිල්වා මහතා චිත්‍රපට අධ්‍යක්ෂවරියක මෙන්ම චිත්‍රපට නිලියකද වන සුමනා අමරසිංහ මහත්මියගේ ස්වාමිපුරුෂයා ය.

දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සදහා තැන්පත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − twelve =