සිළුමිණ – රැස කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී

(කොළඹ, ලංකාපුවත්) –ලේක්‌හවුස්‌ ආයතනයේ “සිළුමිණ” පුවත්පතේ මෙන්ම මෑතකදී ආරම්භ වූ “රැස” දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ වූ චාමර ලක්‌ෂාන් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.

පසුගිය පොසොන් පෝදා ලේක්හවුස් ආයතනය විසින් මෙහෙයවන මිහින්තලය ආලෝක පූජාව සඳහා සහභාගී වීමට අනුරාධපුරයට ගොස්‌ සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධයක්‌ හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෙරේදා (30) රාත්‍රියේ දී අභාවප්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 39 හැවිරිදි වියේ පසුවිය.

මතුගම සි.ඩබ්.ඩබ්. කන්නංගර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ලක්බිම පුවත්පතින් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළේය.

රිවිර ඉරිදා සංග්‍රහයේ දේශපාලන විශ්ලේෂකයකු ලෙස සේවය කළ ඒ මහතා රිවිර දිනපතා පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු ලෙසද කටයුතු කළේය.

ඒ මහතා කලක්‌ ඉරුදින පුවත්පතේද සේවය කළේය.

මාර්ටින් වික්‍රමසිංහ වැනි පතාකයන් කර්තෘ ධූරය දැරූ සිළුමිණ පුවත් පතේ කර්තෘ ධූරයට පත් වූ ලාබාලතම කතුවරයා වන්නේ ද චාමර ලක්ෂාන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =