කතරගම දක්වා පාද යාත්‍රාව අරඹයි

(කොළඹ, ලංකාපුවත්) –කතරගම ඇසල පොරහැර සඳහා සහභගි වීමට වතුකරයේ හින්දු භක්තිකයන් පාද යාත්‍රාවේ යෙදේ.

මස් කෙලිය ප්‍රදේශයෙන් ඉකුත් 29වනදා ආරම්භ කල මෙම පිරිස හැටන් නුවරඑළිය බණ්ඩාරවෙල ,වැල්ලවාය ,බුත්තල හරහා රක්ෂිත මාර්ගයක් ඔස්සේ කිලෝමිටර 364 දුර පයින් ගමන් කර කතරගම ඇසල පෙරහැරට සහභාගි විමට නියමිතය.

දනිකට කිලොමිටර 30 බැගින් පයින් ගමන් කර දිනපතා රාත්‍රි කාලයේ හින්දු කොවිල් වල සහ වෙහෙර විහාරස්ථාන වල ගිමන් ගෙන ඊට පසුදින යලිත් ගමන් ආරම්භ කරනු ඇත.

ගමන් ආරම්භ කර දින සිටම පෙහෙවි මෙම පාද යාත්‍රාවේ යෙදෙන අතර මෙවැනි කණ්ඩායම් කිහිපයක් ඉදිරි දින කිහිපය තුලදි ඇසල පෙරහැර සදහා සහභාගි විම සදහා ගමන් ආර්ම්භ කිරිමට නියමිතය.

කතරගම ඇසල පෙරහැර ලබන මස 13 වෙනිදා ආරම්භ කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *