ඩොල්ෆින් මසුන් නැරඹීමට ආරක්ෂිත වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – ඩොල්ෆින් මසුන් නැරඹීමට වඩා ආරක්ෂිත නිසි වැඩපිළිවෙලක් සකසන බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

කල්පිටිය අර්ධද්වීපය තුළ වනජීවී අමාත්‍යාංශයට අදාළ ගැටළු හදුනා ගැනීම සදහා එම ප්‍රදේශයේ සංචාරක නිරත වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉලන්තිඅඩිය ප්‍රදේශයේ ඩොල්ෆින් මසුන් නැරඹීමට යන ස්ථානවල සංචාරකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + five =