විජයකලා නිසා පාර්ලිමේන්තුව රත්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් විසින් එල්.ටී.ටී.ඊ පාලනයක් නැවත අවශ්‍ය බවට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (03) පාර්ලිමේන්තුව රැස් වු අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් මන්ත්‍රීවරිය ධූරයෙන් ඉවත් කරන ලෙසට කථානායක වරයාට බල කර සිටියේය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවට ගෙන්වා අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සිදු කරන බව ද කථානායකවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට කියා සිටිය ද මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් කෑ ගසන්නට විය.

මේ අතර, පක්ෂ හා විපක්ෂ ඇතැම් මන්ත්‍රීවරු දිගින් දිගටම විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය ධූරයෙන් ඉවත් කළ යුතු බව පැවසු අතර කථානායකවරයා කියා සිටියේ, ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවත් ඒයට බාධා නොකරන ලෙසත්ය.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ කලහකාරී හැසීරිම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධා ඇති වීම නිසා කථානායකවරයා විසින් හෙට(04) උදෑසන තෙක් පාර්ලිමේන්තුව කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + fifteen =