තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායම සොයා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමක පිරිමි ළමයින් දොළොස් දෙනා සහ පුහුණුකරු සොයා ගැනීමට හැකිව තිබේ.

ඔවුන් වයස අවුරුදු 11ත් 16ත් අතර පසුවන්නන්ය.

තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක් තුළ ඔවුන් අතරමං වී සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඔවුන් සියලු දෙනාම ආරක්ෂිතව සිටින බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙම කණ්ඩායම පසුගිය 23 වනදා සිට අතුරුදන් විය. දින 9කට ආසන්න කාලයක් ඔවුන් ගුහාව තුළ සිරවී සිටියේය.

මෙම සෝදිසි මෙහෙයුම් සදහා එක්වුණු බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකුට මෙම දරුවන් ගුහාව තුළින් සොයාගැනීමට හැකි විය. එම දරුවන්ට ආහාර සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මේ වන විට කටයුතු කෙරෙමින් පවති.

එම ළමුන් සහ පුහුණුකරු සොයා සිදු කළ මෙහෙයුම් සදහා අමෙරිකාව ,එංගලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන් සහ කිමිදුම්කරුවන් එක්විය‍.

පවතින අධික වාර්ෂාව හේතුවෙන් මඩ සහ ජලය ගලා ඒම නිසා සිරවූ පිරිස එයින් පිටතට ගැනීමට අසීරු වී ඇතැයි තායිලන්ත සහන කණ්ඩායම් සඳහන් කරනු ලැබේ. ජලය ඉවත් කිරීමෙන් පසු ඔවුන් පිටතට ගෙන ඒමට කටයුතු කරන බවටද ඔවුන් වැඩිදුරටත් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *