ප්ලේන්ටියට අවම මිලක්

(කොළඹ, ලංකාපුවත්) –ගෑස් මිළ රුපියල් 138කින් පහල දැමිමත් සමඟ ප්ලේන්ටියක මිල රුපියල් 15 දක්වා අඩු කිරිමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කියා සිටියේ තමන්ට රජය විසින් දුන් සහනය පරිභෝගිකයාටද ලබා දීමට තම සංගමට කටයුතු කරන බවය.

එමෙන්ම ප්ලේන්ටියකට මෙතෙක් පාලන මිලක් නොතිබුණ බැවින් ඒ සඳහා රුපියල් 15ක මිල නියම කරන්නේ නම් යෝග්‍ය බවද එම නිවෙදනයේ සඳහන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *