යහපාලන රජය තැපෑලේ අඩුපාඩු අවසන් කළා – ඇමති හලීම් කියයි

(කොළඹ, ලංකාපුවත්) – යහපාලනය රජය බලයට පත්වූ පසු තැපෑලේ තිබු බොහෝ අඩුපාඩුකම් අවසන් කළ බව තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින විශාලතම තුන්වැනි දෙපාර්තමේන්තුව වන තැපැල් දෙපාර්තමේන්තුවෙන් විසිපන්දහසක පමණ කාර්ය මණ්ඩලයක් මේවන විට සේවය කරයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ සීමිත තරඟ විභාගයකින් පසුව නව පත්වීම් ලබාගත් රියදුරු මහත්වරුන් 25 දෙනකුට ස්ථිර පත්විම් ලබාදෙන ලද උත්සවයකදීය.

මෙම උත්සවයේදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, “ රියදුරුන්ගෙන් විනය කඩවීම් සම්බන්ධයෙන් අප නිරන්තරයෙන්ම අහලා දැකලා තියෙනවා. එම නිසා රජයේ රියදුරන් වන ඔබලාට මා පැහැදිලිව කියා සිටිනවා විනයක් ඇතිව කටයුතු කරන්න කියලා. අප ලාභ උපයන දෙපාර්තමේන්තුවක් නොවේ. අපි මහජනයාට සේවය සපයන ආයතනයක් ලෙස කටයුතු කරන්නේ. අප ජිවිත්වන තරඟකාරී ලෝකයක ඔබලාත් තැපෑලේ ගෞරවය රැකගෙන මහජන විශ්වාසය දිනාගෙන කටයුතු කල යුතුවෙනවා.“ යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *