අද දිනයේ සියලු පාසල් විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) –වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක නිරත වන බව පැවසුවද දිවයින පුරා පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව වාර්තාවේ.

අද(04) දිනයේ පාසල් පැවැත්වෙන්නේ නැති බවට වෘත්තීය සමිතියක් අසත්‍ය ප්‍රචාර සිදුකරමින් කළ ප්‍රකාශය ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දැඩි ලෙස හෙලාදුටුවේය.

අධ්‍යාපනයට දේශපාලනය එකතු කර ගනිමින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මේ වනවිට දිවයින පුරා පාසල් සියල්ලම විවෘතව පවති. කිසිදු පාසලක් වසාදමා නැති බව විදුහල්පතිවරුන් ද සදහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − two =