අපරාධ මැඩලන්න පොලිස්පතිගෙන් නව ඒකකයක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ අන්තර්ජාල අපරාධ වැඩි වෙමින් ඇති බවත් ඒවායේ ඇති බරපතලකම හේතුවෙන් අන්තර්ජාල අපරාධ මැඩලීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ඒකක පිහිටුවීමට පියවර ගත් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

මහනුවරදී ශ්‍රී දළදා සමිඳුන් අද (04) වැඳපුදාගෙන ඉන්පසු අස්ගිරි මල්වතු මහා විහාර වෙත ගොස් මහනා හිමිවරුන්ගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව පොලිස්පතිවරයා මේ බව කියා සිටියේය.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් මල්වතු මහා විහාරයේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන්ද දැනුවත් කරනු ලැබීය.

ඒ අනුව එහි පළමු පළාත් ඒකකය ලෙස පරිගණක අපරාධ විමර්ශනය හා ඩිජිටල් වෝහාරික විද්‍යාව පිළිබඳ උප ඒකකය, මධ්‍යම පළාත කේන්ද්‍ර කර ගනිමින් අද (04) පිහිටුවීම සිදු කෙරේ.

මෙම ඒකකය පසුගියදා කොළඹ පොලිස් මූලස්ථානයෙන් ආරම්භ කර ඇත. මේ අනුව ඉදිරියේදී පළාත් මට්ටමින් මෙම ඒකකය පිහිටුවීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 11 =