අයි එස් නායකයාගේ පුතෙක් ප්‍රහාරයකින් මියයයි

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් අයි එස් සංවිධානයේ නායකයා වන අබු බකර් අල් බග්ඩාඩිගේ පුතෙකු ප්‍රහාරයකින් මියගොස් තිබෙන බව වාර්තා වේ.

සිරියාවේ හෝම්ස් නගරයේ දී ඇතිවූ ගැටුමකදී ඔහු මියගිය බව සදහන් ය.

හුදයිෆා අල් බද්‍රි හෝම්ස් නගරයේ රුසියානු සහ සටන් කණ්ඩායම්වලට එරෙහිව සිදුකළ මෙහෙයුමකදී මියගොස් තිබේ. කෙසේ වෙතත් මේ පිළිබද වැඩිදුර තොරතුරක් වාර්තා වී නොමැති අතර ඇතැම් විට ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *