ඇමති මහින්ද සමරසිංහ ශ්‍රීලනිප මාධ්‍ය ප්‍ර‍කාශක ධුරයට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභිනව මාධ්‍ය ප්‍ර‍කාශක ලෙස පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

ඇමති මහින්ද සමරසිංහ මහතා වසර 30 කට අධික දේශපාලන ඉතිහාසයක් තිබෙන පලපුරුදු දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප ලේකම්වරයා ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + six =