ක‍්‍රිස්බ්‍රෝ ප‍්‍රථමවරට කුකුඵ අපද්‍රව්‍ය භාවිතා කරමින් දර වෙනුවට බලශක්ති ආදේශකයක් නිෂ්පාදනයට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයේ දැවැන්තයා බවට පත් වී සිටින ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය, උසස් ප‍්‍රමීතිය, සෞඛ්‍යාරක්‍ෂිතභාවය, නවීන තාක්‍ෂණය සහ පරිසර සුරක්‍ෂිතභාවය පිළිබද කැප වූ ආයතනයකි.

ඒ අනුව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සමස්ත නිෂ්පාදන ක‍්‍රියාවලිය සම්පූර්ණයෙන් පරිසරහිතකාමීව සිදුකිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතුවල නවතම ව්‍යාපෘතිය වන්නේ කුකුඵ අපද්‍රව්‍ය යොදාගෙන දර වෙනුවය භාවිතා කල හැකි බලශක්ති ආදේශකයක් නිෂ්පාදනයට පියවර ගැනීමයි.

කුකුඵ අපද්‍රව්‍ය යොදාගෙන බලශක්ති ආදේශකයක් (Chicken Briquettes) ශ‍්‍රී ලංකාවේ දී ප‍්‍රථම වරට නිෂ්පාදනය කෙරෙන අවස්ථාව මෙය වන අතර මෙම ව්‍යාපෘතියේ ලබන වසර මුලසිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ගල්ගමුව ප‍්‍රදේශයේ දි ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර මේ දිනවල අදාල ප‍්‍රදේශයේ ආරක්‍ෂාව සදහා අලි වැට ඉදිකෙරෙමින් පවතින බව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අයත් Fortune Ago Industries (Pvt.) Ltd හි ඉංජිනේරු ලලිත් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ කුකුඵ නිෂ්පාදන ක්‍ෂෙ‍‍රයේ පරිසරහිතකාමීව පවත්වා ගැනීමට ප‍්‍රධාන අභියෝග දෙකක් තිබූ බවත් කුකුඵන්ගේ ඉවතලන ශරීර කොටස් Unwanted Chicken Partsසහ කුකුඵ අපද්‍රව්‍ය Chicken Litterනිසි අයුරින් බැහැර කිරීම එම අභියෝග දෙක බවයි. ඒ අනුව මේ වනවිට ක‍්‍රිස්බ්‍රෝ නිෂ්පාදන ක‍්‍රියාවලිය තුල බැහරු කෙරෙන කුකුඵ ශරීර කොටස් ප‍්‍රතිචක‍්‍රීය කරමින් කුකුඵ ආහාර නිෂ්පාදනාය සදහා යොදාගනයි. කුකුඵ අපද්‍රව්‍ය දැනට වලදමන බව ලලිත් බණ්ඩාර මහතා කියා සිටියේය. නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමග කුකුඵ අපද්‍රව්‍ය ද සම්පූරණයෙන්ම ප‍්‍රතිචක‍්‍රිය කරමින් කුකුඵ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය වන බලශක්ති අවශ්‍යතාවය සපුරාලීමට යොදාගන්නා බවත්, ඒ අනුව දැනට කුකුඵ ආහාර නිෂපාදන සිදුකරන Fortune Ago Industries (Pvt.) Ltd ආයතනයේ බොයිලේරුව සදහා යොදා ගන්නා දර භාවිතය නැවැත් විය හැකි බවත්, ඔහු සදහන් කළේය.

Fortune Ago Industries (Pvt.) Ltdආයතනය විසින් කුකුඵ ආහාර නිෂ්පාදනය සදහා අවශ්‍ය බොයිලේරුවේ දහනයට දිනකට දර ටොන් 6000 ක් දැනට යොදාගනියි. ක‍්‍රිස්බ්‍රෝ කුකුඵ ගොවිපල වලින් මසකට කුකුඵ අපද්‍රව්‍ය ටොන් 500 ක් ප‍්‍රමාණයක් එක් රැුස් වන අතර එම අපද්‍රව්‍ය යොදාගෙන ව්‍යාපෘතිය ආරම්භ කෙරෙයි.

මෙම ව්‍යාපෘතියට සමාන ව්‍යාපෘතියක් ඉන්දියාවේ ක‍්‍රියාත්මක වන බව පෙන්වා දුන් ලලිත් බණ්ඩාර මහතා, ගොම භාවිතා කරමින් බලශක්ති නිෂ්පාදනය කෙරෙන එම ව්‍යාපෘතිය, නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව කුකුඵ අපද්‍රව්‍ය භාවිතා කර දර වෙනුවට බලශක්ති ආදේශකය නිෂ්පාදනය කිරීමට යොමු වූ බවත්, ප‍්‍රකාශ කළේය. ඒ අනුව සමස්ත කුකු`ඵ නිෂ්පාදන ක්‍ෂෙත‍්‍රයටම ප‍්‍රශ්ණයක්ව ඇති කුකුඵ අපද්‍රව්‍ය බැහැර කිරීමට සාර්ථක හා පරිසරහිතකාමී විදුසමක්, ක‍්‍රිස්බ්‍රෝ විසින් ශ‍්‍රී ලංකාවේ මුල්වරට ආරම්භ කරන මෙම ව්‍යාපෘතිය මගින් සපයනු ලබයි.
මේ අතර පසුගියදා සමරනු ලැබු ලෝක පරිසර දිනයට සමගාමීව ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් 6 හි සේවා ස්ථාන 11 ක ගස් සිටුවීමේ වැඩසටහනක් පැවැත් විය. පරිසර හිතකාමීව නිෂ්පාදන කටයුතු කිරීම දිරිමත් කිරීමේ අරමුණෙන් ආරම්භ කර ඇති හරිත සත්කාර, සටහනට අනුව මෙම පැල සිටුවීම කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ මානව සම්පත් සහ පරිපාලන කළමණාකරු රංජන මහින්දසිරි මහතා කියා සිටියේ පසුගියදා පැවති සම්මාන උළෙලේදී හොදම සේවකයන් ලෙස සම්මානයට පාත‍්‍ර වූ සේවකයින්ට සිය සේවා ස්ථාන පරිශ‍්‍රයේ පැල සිටු වීමට අවස්ථාව දුන් බවයි. ඒ අනුව මහෝගනී පැල 100 ක් සහ අඹ පැල 25 ක් සිටු අතර මෙම වැඩසටහන මගින්ද පරිසරට ආදරය කරමින් සේවා කටයුතු කිරීම ඔවුන්ව දිරිමත් කල බව මහින්දසිරි මහතා පෙන්වා දුන්නේය.

මේ වසරේ සිට හදුන්වා දුන් හරිත සත්කාර, පරිසර සම්මාන, සෑම වසරකදීම පරිසර හිතකාමීව සේවා කටයුතු කරන ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සමාගම් 6 වෙන් හොදම සමාගමකට වාර්ෂිකව පිරිනමන අතර 2017 වසරේ දී එම සම්මානය හිමි වූයේ Wayamba Development (Pvt.) Ltdබ්‍රෝයිල ෆාර්ම් අයතනයටයි.

ISO14001පරිසර සුරක්‍ෂිත පරිපාලන තත්ත්ව සහතිකය ඇති ශ‍්‍රී ලංකාවේ එකම කුකුඵ නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ, උසස් ප‍්‍රමිතියෙන් හා සෞඛාරක්‍ෂිතව සිය නිෂ්පාන අතිනවීන තාක්‍ෂණය භාවිතා කරමින් සිදුකරයි.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බ්‍රෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් ගොවිපොළ සහ කුකුළු ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියක් ඇතුළු පුළුල් පරාසයක ක‍්‍රිස්බ්‍රෝ හි අතු පතර විහිද පවතී. ‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *