තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

(කොළඹ, ලංකාපුවත්) –තායිලන්තයේ චියැංරායිහි පිහිටි ගුහාවක සිරවී සිටි පිරිමි ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු නිදහස් කිරීමේ අවදානමට ලක් නොවන බව එම මෙහෙයුමේ නිරත නිලධාරින් පවසයි.

බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත්තේ දින 10 කට ප්‍රමාණවත් වන පරිදි ඔවුන්ට ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවය.

වෛද්‍යවරයෙකු ඇතුළු හෙද-හෙධියන් 07දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එම දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා යවා ඇත.

කණ්ඩායමට ආරක්ෂිතව ගෙන ඒමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර තිබේ.

මෙම දරුවන්ව ගුහාවලින් පිටතට ගැනීමට ඉක්මන් නොවන බව චියැංරායිහි ආණ්ඩුකාරවරයා මාධ්‍ය වෙත සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 + three =