දෙයියන්දර අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – දෙයියන්දර හක්මන මාර්ගයේ පිටවල්ගමුව ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් හා යතුරු පැදියක් ගැටී පාසල් ළමුන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.

බස් රථයට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ යතුරු පැදිය මුහුණට මුහුණ ගැටී අද(04) උදෑසන 6.45 ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සදහන් කළේය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පාසල් සිසුන් දෙදෙනා නරවැල්පිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, පේදුරුහේවා කංකානම්ගේ කැලුම් සඳරුවන් නැමති වයස අවුරුදු 16 ක් වු කළුවලාකැටිය, දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර අනෙක් සිසුවා ගුරුසිංහගේ ඉන්ද්‍රජිත් කුමාර නැමති වයස අවුරුදු 19 ක් වු දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීර නරවැල්පිට රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙයියන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *