බන්ධනාගාර රැදවූවන්ට කාය වර්ධන මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර ගතව සිටින රැදවූවන් පුනරුත්ථාපනය ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ උපදෙස් මත රැදවූවන් සඳහා දිවයිනේ බන්ධනාගාරයන්හි කායවර්ධන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ආරම්භකර ඇත.

බන්ධනාගාරතුල මෙවැනි කාය වර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙනයාමෙහි අරමුණ වනුයේ මත්ද්‍රව්‍ය හේතුවෙන් බන්ධනාගාරතව සිටින සිරකරුවන් එයින් මුදවා ඔවුන්ගේ කායවර්ධණය ඇතිකිරීම හා සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් බිහිකිරීමේ අරමුණ ඇතිවය.

එහි එක් පියවරක් ලෙස ලෝක මත්ද්‍රව්‍ය විරෝධී සතියට සමගාමීව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් කායවර්ධන මධ්‍යස්ථානයක් වැලිකඩ බන්ධනාගාරයෙහිදී ඊයේ(03) විවෘත කරන ලදී. මෙම අවස්ථාවට සහභාගීවූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මෙම සිරකරු පුනරුත්ථාපන ක්‍රියාවලිය ඉදිරියේ දී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරවලද ස්ථාපිත කරන බව ප්‍රකාශකර සිටියහ.

මේ සඳහා වැය වූ වියදම රුපියල් ලක්ෂ 25ක් පමණ වන අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබූයේ පවර් වල්ඩ් කායවර්ධන මධ්‍යස්ථානය හා ජාත්‍යන්තර හාවස්ට් ආයතනය විසිනි.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් ශාන්ත ප්‍රනාන්දු, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් මලින් ලියනගේ, වැලිකඩ බන්ධනාගාර අධිකාරී එච්.එෆ්.ලාහීර්, වැලිකඩ සහකාර බන්ධනාගාර අධිකාරී සුජිව විජේසේකර, සහකාර බන්ධනාගාර අධිකාරී බන්දුල සෙනවිරත්න, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, ප්‍රධාන පුනරුත්ථාපන නිළධාරී පියසිරි වටගොඩ, පවර්වල්ඩ් ආයතනයෙහි අධිපති තලව් අලී ලීමා සහ හාවස්ට් ආයතනයෙහි සභාපති දේවගැති රොඩ්නි පෙරේරා ඇතුළු මහත්වරුන් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 − 8 =