මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් එරට දූෂණ මර්ධන නිලධාරීන් විසින් ක්වාලාලම්පූර් හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය පාලන සමය තුළ ආරම්භ කෙරුණු මැලේසියානු සංවර්ධන අරමුල මගින් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුකළ බවට එල්ලවී ඇති චෝදනාවලට අදාළව ය.

හිටපු අගමැති නජීබ් රසාක් පසුගිය මැයි 09 වනදා පැවති මැතිවරණයෙන් පරාජයට පත් විය.

ඔහු ක්වාලාලම්පූර් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

හිටපු අගමැතිවරයාව අත්අඩංගුවට ගෙන දූෂණ විරෝධී කාර්යාලය වෙත රැගෙන එව අවස්ථාවේ දී ඔහු මාධ්‍යවේදීන් සමඟ කිසිවක් නොපැවසූ බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − 3 =