ආපදා කළමනාකරණය සඳහා ආසියානු බලකායක් පිහිටුවිය යුතුයි -ඇමති රංගේ බණ්ඩාර

ආපදා කළමනාකරණය සඳහා ආසියානු බලකායක් පිහිටුවිය යුතුයි -ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) –දුකින් තොරව ජීවත් වීම සෑම පුරවැසියෙකුගේම බලාපොරොත්තුව බවත්, එම බලාපොරොත්තුව සපල කිරීම රාජ්‍යයන් වෙත පැවරෙන වගකීම වන බවත් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කරන ලද ගාථා රත්නය සිහිපත් කරමින් ඔහු මේ බව පැවසුවේ මොන්ගොලියාවේ, උලම්බටාර් අගනුවර පැවැත්වෙන ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු කලාපීය සමුළුව අමතමිනි.

ආසියානු කලාපීය අමාත්‍යවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලන ආරම්භ කෙරුණේ මොන්ගොලියානු අග‍්‍රාමාත්‍ය H U. KHURRCUKH මහතාගේ ප‍්‍රධානත්වයෙනි. එහි ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වූ දේශනය සමුළුවේ දෙවන දිනයේදී (04) සිදු කෙරුණේ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි. රටවල් 34 ට අයත් ආපදා කළමනාකරණ අමාත්‍යවරුන් හා නිලධාරීන් මෙම සමුළුවට එක්ව සිටිති. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සමග නිලධාරීන් තිදෙනෙකුද මෙම සමුළුවට සහභාගී වූහ.

ශී‍්‍ර ලංකාවේ දේශගුණික බලපෑම් හා ස්වභාවික විපත් ඇතිවීමේ ප‍්‍රවනතාව වේගයෙන් වැඩි වෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 2016 – 2017 යන කාල පරාසය තුළ ආපදා අවදානම් දර්ශකයේ 98 වන ස්ථානයේ පැවැති ශී‍්‍ර ලංකාව 2018 වසර වන විට 04 වන ස්ථානය දක්වා පැමිණ ඇති බවද පාලිත රංගේ බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයිද ඔහු කියා සිටියේය.

සමුළුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා මෙසේද කීය.
ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අපි විශේෂ වැඩපිළිවෙලක් දියත් කරමින් සිටිනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේ ඇති වූ ගංවතුර, නායයාම් වැනි ආපදා තත්ත්වයන් හේතුවෙන් එම ගමනට දැඩි බාධා එල්ල වුණා. 2016 – 2017 කාලය තුළ ඇති වූ එම ආපදාවන්ගෙන් රටේ වත්කම්වලට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 440 ක් ලෙස ගණන් බලා තිබෙනවා. එමෙන්ම දිවයිනේ තවත් ප‍්‍රදේශ එම කාලය තුළම දැඩි නියං තත්ත්වයකට ගොදුරු වුණා. මෙම තත්ත්වයන් තුළ රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය කැපී පෙනෙන පරාසයකින් පහළ ගියා. එම පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 95 ට ආසන්නයි.

ආපදාවන් හමුවේ බිඳ වැටුනු ජනජීවිත නගා සිටුවීම වෙනුවෙන්ද රජයට විශාල මුදලක් වැය කිරීමට සිදු වුණා. මේ සියළු කාරණා මගින් පෙනී යන ප‍්‍රධානම කාරණය වන්නේ කාලගුණ බලපෑම ශී‍්‍ර ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘණාත්මකව බලපා ඇති බවයි.

කෙසේ වෙතත් අපි මෙවැනි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සම්පාදනය කර තිබෙනවා. එය ජනතාවද සහභාගීවන තරමේ ඉතා පුළුල් වැඩපිළීවෙලක්. එහි ප‍්‍රතිඵලයක් ලෙස 2018 දී ගංවතුර, නායයාම් වැනි ආපදාවන්ගෙන් ඇතිවීමට තිබූ ජීවිත හා දේපළ හානි අවම කර ගැනීමට අපට පුළුවන් වුණා. ආපදාවට පෙර සූදානම සඳහා ක‍්‍රමවත් වූ වැඩපිළිවෙලක් දියත් කිරීමට හැකි වීම මෙයට හේතුවයි.

අනතුරු හා ඒ මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීම සඳහා රජයක් ලෙස මූලිකත්වය ලබා දී තිබෙනවා. එය ඉතා අවබෝධයෙන් සිදු කළ කටයුත්තක්. එමෙන්ම 2016 හා සංසන්දනය කිරීමේදී 2018 වසරේ අපි විශාල ප‍්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. එමෙන්ම ආපදා කළමනාකරණය වෙනුවෙන් කි‍්‍රයාකාරී සැලස්මක් හදුන්වා දීමට අපි කි‍්‍රයා කළා. අවදානම් කලාප ඉලක්ක කරමින් එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මකයි. එමෙන්ම ඉදිරියේදී යම් අවදානමක් ඇති විය හැකි කලාප හදුනාගනිමින් සිටිනවා. ඉතිහාසයෙන් ඉගෙනීමට අපට බොහෝ පාඩම් තිබේ. එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශේෂඥයින්ද ප‍්‍රමාණවත් පරිදි සිටිනවා. හැකියාවන් සමග තාක්‍ෂණය මුසු කරමින් රජය මෙම කටයුත්තට මූලිකත්වය ලබා දෙනවා. එහෙත් මෙම සියළු කටයුතු කි‍්‍රයාත්මක කිරීමත්, නිරීක්‍ෂණය කිරීමත් සාමූහික ප‍්‍රවේශයක් තුළ සිදු කිරීමයි අපගේ ප‍්‍රතිපත්තිය.

එහෙත් පැහැදිලිව කිවයුතු කාරණය වන්නේ අපිද සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ උපරිම මට්ටමට පැමිණ නොමැති බවයි. එහෙත් එම ඉලක්කය කරා පිය මැනීම ශී‍්‍ර ලංකා රජයේ අපේක්‍ෂාවයි.

මේ දක්වා ශී‍්‍ර ලංකාව තුළ සිදුකර ඇති පරීක්‍ෂා කිරීම්වලදී අනාවරණ වී තිබෙන තවත් කාරණයක් වන්නේ නිවාස 15000 ක් පමණ අධිඅවදානම් කලාපවල පිහිටා ඇති බවයි. එම නිවාසවල පදිංචි ජනතාව වෙත ශක්තිමත් නිවාස සකසා දීමට අපි පියවර ගනිමින් සිටිනවා. එය අත්‍යාවශයෙන්ම සිදු කල යුතු දෙයක්. ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා.
වැසි, නියං වැනි දේශගුණික තත්ත්වයන් වැලැක්විය නොහැකියි. එහෙත් එමගින් ඇතිවන ගංවතුර, නායයාම්, අස්වනු හානිවීම් වැනි තත්ත්වයන් බොහෝමයක් වලක්වා ගත හැකියි. ඒ සඳහායී සැලසුම් අවශ්‍ය වන්නේ. මෙම දැක්ම දීර්ඝ කාලීනයි. ඒ වෙනුවෙන් තවත් බොහෝ දේ කළ යුතුයි. මේ අවදානම ශී‍්‍ර ලංකාවට පමණක් බලපාන ගැටළුවක් නොවන බවත්, ආපදා අවදානම සමස්ථ ආසියාවටම පොදු කාරණයක් බවත් පැවසිය යුතුයි. එය මාගේ පමණක් නොව මේ සභාවේ සිටින සැම දෙනාම පිලිගන්නා කරණයක් බවද මාගේ විශ්වාසයයි.

එබැවින් ශී‍්‍ර ලංකා රජය වශයෙන් මා යෝජනාවක් ඉදිරිපත් කරන්නට කැමතියි. එම යෝජනාව වන්නේ ආපදා කළමනාකරණය වෙනුවෙන් වූ ආසියානු කලාපීය බලකායක් පිහිටුවීමයි. එය ආසියාවට පොදු බලකායක්. එකතුවක් ලෙස එය නිර්මාණය කර කි‍්‍රයාවට නැගිය යුතුයි. සම්පත් බෙදා හදා ගනිමින් කිසියම් රාජ්‍යයක විපතකදී දායකත්වය ලබා දීම සඳහා පුළුල් වැඩපිළීවෙලක් එමගින් කි‍්‍රයාවට නැගීමට අවස්ථාව උදා වේවි. ්ිස්බ ෑපැරටැබජහ ඍැිචදබජැ ඔ්ින ත්‍දරජැ ලෙස එම බලකාය ස්ථාපිත කිරීම අනාගතයට ඉතා හොඳ කි‍්‍රයාමාර්ගයක් වන්නේ යැයි මාගේ විශ්වාසයයි. ආපදා සහිත වට පිටාවක සිටින කෙනෙකුගේම බලාපොරොත්තුව වන්නේද දුකකින් තොරව ජීවත් වීමයි. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ථා යනුවෙන් වූ බුදු වදන නැවතත් මා ඔබ හමුවේ සිහිපත් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 + 14 =