තායි ළමුන් සිරවී සිටින ගුහාවේ ජලය පිටතට

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටින පාපන්දු කණ්ඩායමේ පිරිමි ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු පිටතට ගැනීමට එම ගුහාවේ ජලය ඉවත් කිරීමට සුදානම් වේ. ඒ අනුව ගුහාවේ සිට පිටතට ජලය පොම්ප කිරීමට නියමිත ය‍

මෙම සති අන්තයේ බොහෝ දුරට මෝසම් වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළ කර තිබේ.

මෙම පිරිස ගුහාව තුළ සිරවී දින 12 ක කාලයක් ගතවී තිබේ.

ඔවුන්ට අවශ්‍ය ආහාර සහ ජලය ලබාදීමට බලධාරීන් මේ වන විට පියවර ගෙන ඇත.

චියෑං රයි පලාතේ ආණ්ඩුකාරවරයා සදහාන් කර ඇත්තේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවය.

මෙම දරුවන්ව අතර වයස අවුරුදු 11 සිට 16 දක්වා වයස් කාණ්ඩවල දරුවන් සිටින අතර බොහෝ දෙනෙකුට පිහිනීමට නොහැකි බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + one =