බොලිවුඩ් නිළි සොනාලිට දරුණු පිළිකාවක්

(කොළඹ, ලංකාපුවත්) – බොලිවුඩ් නිළියක වන සොනාලි බෙන්ඩ්රි හට ‘පිළිකා‘ රෝගයක් වැළදී ඇතැයි අනාවරණය වී ඇත. ඇය මේවන විය නිව් යෝර්ක්හිදී ප්‍රතිකාර ලබන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මේවන විට සොනාලි බෙන්ඩ්රි 43වැනි වියෙහි පසුවේ.

පසුගිය බදාදා ඇය මුල් වරට මෙම රෝගී තත්ත්වය මාධ්‍ය වෙත සදහන් කර ඇත. මීට පෙර ඇය මෙම රෝගී තත්ත්වය හදුනාගෙන නොතිබුණු බවද සදහන් වේ.

මෑතක දී හදුනාගත් මෙම රෝගී තත්ත්වය තරමක දරුණු පිළිකා රෝගී තත්ත්වයක් බවද අනාවරණය කර තිබේ.

අනිල් කපූර්, කරන් ජෝහර්, සොනම් කපූර්, අභිෂේක් බච්චන්, ෆාරා ඛාන් සහ රිටීෂ් දේශම්මුක් වැනි බොලිවුඩ් නළු නිළියන් රැසක් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + 5 =