විජයකලා මහේෂ්වරන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

(කොළඹ, ලංකාපුවත්) –විජයකලා මහේෂ්වරන් මහත්මිය රාජ්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඇය ඒ බව සඳහන් කර ඇත්තේ, ස්වාධීන රූපවාහිනිය වෙත අද(05) උදෑසන විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මතවාදී තත්වයක් හට ගැනුණි.

ජයකලා මහේෂ්වරන් මහත්මිය වසන්තම් නාලිකාවට කියා සිටියේ, තමාගේ දිවුරුම් දීමට අනූව යාපනයේ දී කළ ප්‍රකාශය වැරදි බවට තමා පිළිගන්නා බවයි. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා කළ බවත් ඇය සඳහන් කරන ලදි.

ඒ අනූව, තමා අතින් සිදුවූ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් සිදු කරන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට තීරණය කළ බව විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *