ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරුන් සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අතර විශේෂ හමුවක් ඊයේ(04) පැවැත්විණ. ඒ පළාත් පාලන අමාත්‍යාංශයේදී ය.

ආනා පුංචිහේවා, සිදත් වෙත්තමුනි, ජයන්ත ධර්මදාස සහ අර්ජුන රණතුංග යන මහත්වරුන් එම සාකච්ඡාවට එක් වූහ.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා…

“විශේෂයෙන්ම අපි අතුරු පාලක මණ්ඩල වල හිටපු කිහිප දෙනෙකුත් සාකච්ඡා කරල ක්‍රීඩා ඇමතිතුමාව දැනුවත් කරන්න ක්‍රිකට් තත්ත්වයේ දැනට වෙලා තියෙන හානිය ගැන. ඉතින් අපි සියලු දෙනාම අද ආවේ විශ්වාසයක් ඇතුව. මොකද පහුගිය කාලේ අපේ විශ්වාසය බිඳුනා. ක්‍රීඩකයන්ව හුඟක් වෙලාවට පාවිච්චි කරල කාලය අරගෙන ක්‍රීඩාව විනාශ වුනු කාලයක් තිබුනා. අපිට තිබුනා කුතුහලයක් මේකත් එහෙම වෙයිද කියල. ඊට පස්සේ අපි සාකච්චා කරල අපි තීරණයක් ගත්තා අලුත් ඇමතිතුමෙක් ඇවිල්ලා තියෙනවා. එතුමාටත් අපි අවස්ථාවක් දිය යුතුයි මේ ක්‍රිකට් තත්ත්වය තේරුම් ගන්න. එතුමාත් එක්ක අපි සාකච්චාවක් කලා. අපි දැනුවත් කලා මොකද්ද සිදුවිය යුත්තේ කියල. මම හිතන්නේ කෝකද කියන එකට වඩා අපි බලාපොරොත්තු වුනේ මේ ක්‍රිකට් ගොඩගන්න. අපේ හුඟාක් කට්ටිය ක්‍රිකට් වලින් එලියට වෙලා ඉන්නේ අනවශ්‍ය පුද්ගලයන් එක්ක අපිට ක්‍රිකට් පරිපාලනයට එන්න අවශ්‍ය නැති නිසා. මේ සියලු දෙනාම ඒ තත්ත්වයේ ඉන්නවා. අපි ඒ බව දැනුවත් කලා. අපි හැමදෙනාගේම තියෙන ඕනකම තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව දියුනු කරන්න. ක්‍රිකට් ක්‍රීඩාව තාම බිම ඇනිලා නෑ. තව ඇනෙන්න යනවා. ඒක නවත්වන්න හින්ද තමයි අපි සියලු දෙනාම තීරණයක් ගත්තේ ඇමතිතුමත් එක්ක ඇවිල්ලා සාකච්චා කරල , එතුමාව දැනුවත් කරල ඒ අවශ්‍ය උපදෙස් ටික දෙන්න. අපිට තීරණ ගන්න බෑ. ඇමතිතුමා හරි තීරණයක් ගනී කියල අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි අදහස් අරගෙන අනික් අදහසුත් අරගෙන තව ඉන්නවා ජ්‍යොෂ්ඨ ක්‍රීඩකයෝ එතුමාව හම්බෙන්න ඔනේ කියල තියෙන කට්ටිය. ඒ ක්‍රීඩකයොත් එක්කත් සාකච්චා කරල එතුමා හරි තීරණයක් ගනී. ව්‍යවසථාව වෙනස් කරන්නන ඔනේ කියන එකේ අපි හැමදාම ඉන්නවා. ව්‍යවස්ථාව වෙනස් කරන් නැත්නම් මේ රටේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න බෑ. පාර්ලිමෙන්තුවට යන්න බැරි ඡන්ද බලයක් නැති අය ක්‍රිකට් ආයතන වල අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇවිල්ලා සභාපති හැටියට ඉල්ලුවත් , මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් , රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඇවිල්ලා ඉල්ලුවත් දැන් ඉන්න පුද්ගලයොත් එක්ක සූදුකාරයොත් එක්ක මේක දිනන්න බෑ. ඒක නිසා අපි ඒවා තේරුම් කරල දුන්නා. ව්‍යවස්ථාව අපි වෙනස් කරන ගමන් ක්‍රිකට් ගැන ඉක්මන්ටම තීරණ ගත යුතු ක්‍රමවේදය අපි ක්‍රීඩා ඇමතිතුමාට අපි දැනුවත් කලා.

ක්‍රීඩා ඇමැතිතුමා අපට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. එතුමා අපිට හොඳින් සවන් දුන්නා. ඒ වගේම එතුමා හුඟක් අපෙන් ප්‍රශ්න ඇහුවා. අපි බලාපොරොත්තු වෙන්නේ එතුමා හරි දේ කරයි කියල. මේ පහුගිය කාලේ හරි දේ සිද්ධ වුනේ නෑ. මොකද වැඩි කල් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ලෝක කුසලානය එනවා . දැනට සවුත් අප්‍රිකා ටීම් එක ඇවිල්ලා තියෙනවා. ක්‍රිකට් කියන එක අද ඉතාමත් නරක තත්ත්වයට ගිහින් තියෙන එක ගොඩගන්න තාම බැරිකමක් නෑ. අපේ තාම පිට පළාත් වල තියෙන දක්ෂතාවය හුඟාක් හොඳයි. ඒවා ඔක්කෝම යට ගැහිලා තියෙන්නෙ. මේ ක්‍රමවේදය වෙනස් කරන සාකච්චාවක් තමයි තියෙන්නේ.

ඒක මම හිතන්නේ ඔය හුඟක්ම අද පරිපාලනය කරන්න ඉන්න මනුස්සයාගේ කතාවක් විතරයි. අතුරු පාලක මණ්ඩල මේ රටේ තිබිලා තියෙනවා මම දන්න හැටියට 6ක් විතර. දැන් ඉන්දියාවේ කොර්ට් එකෙන් අවසරයක් අරන් තියෙනවා මම හිතන්නේ එහෙත් දුවන්නේ තේරිච්ච කමිටුවක් නෙමෙයි. ඉතින් මේ ඇවිල්ලා බය කරන්න කියන දේවල්. ක්‍රීඩා ඇමතිතුමා ගිහින් හම්බුනා ක්‍රිකට් කවුන්සිලයේ කට්ටියව. අපිත් හම්බෙලා තියෙනවා. මමත් අතුරු පාලක කමිටුවක හිටියා. මෙතන ඉන්න හුඟක් අය අතුරු පාලක මණ්ඩලයේ සභාපති වෙලා ඉඳලා තියෙනවා. අපි දන්නවා ඒක ඇවිල්ලා පට්ට බොරුවක්. මේගොල්ලන්ට බලයේ ඉන්න පුලුවන් ලොකුම දේ තමයි බය කිරීම. පහුගිය ක්‍රීඩා ඇමතිවරු බය වෙන්න ඇති. මම හිතන්නේ ෆයිසර් ඇමතිතුමාගේ මම දකින්නේ එතුමා හොඳ නීතිඥයෙක්. ඉතින් මේ නීතිය හරියට කියා ගත්තොත් … විශේෂයෙන්ම මේ ක්‍රීඩා නිතියේ තියෙන වගන්නි 3ක් එතුමාට පෙන්නල දුන්නා. මොකද පහුගිය කාලේ හිටපු ක්‍රීඩා ඇමතිතුමාට ඒ ක්‍රීඩා නීති 3 කියව ගන්න බැරි වුනා. ඉතින් අපි හිතනවා ෆයිසර් මුස්තාපා ඇමතිතුමා ඊට වඩා දක්ෂ නීති මහත්මයෙක් නිසා එතුමා ඒවා බලල හරි පුද්ගලයෝ මේකට ගෙනල්ලා ක්‍රිකට් ක්‍රීඩාව ඉක්මන්ට වෙනස් කරන්න එතුමා සුදුසු පියවර ගන්නවා කියල කිවුවා.

ප්‍රශ්නය – ඔබතුමාලගෙන් කවුරු හරි නිළවරණ වලට ඉදිරිපත් වෙනවද?

නෑ. අපි නිළවරණ වලට එන්න කිසිම ආශාවක් නෑ. මොකද නිළවරණ වලට ඇවිල්ලා කිසිම තේරුමක් නෑ. ඒක හුඟ දෙනෙක් තේරුම් අරන් තියෙනවා. අපි ඒක ගැන ඉස්සරහට තීරණයක් ගන්නවා. අපි කියන්නේ ඊට ඉස්සල්ලා ව්‍යවස්ථාව වෙනස් කල යුතුයි. ව්‍යවස්ථාව වෙනස් කරල තමයි ක්‍රිකට් නිළවරණයකට යන්න ඔනේ. එතකන් මම හිතන්නේ හොඳ පුද්ගලයෝ එන්නේ නෑ. කුණුවෙච්ච හොර කට්ටිය ඉස්සරහට තවත් එයි. ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශය එතන තමයි. මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විදිහට අද මම කණගාටු වෙනවා මේ වෙලා තියෙන දේ ගැන. ඉතින් අපි බලාගෙන ඉන්නවා මේවා ඉදිරියේදී වෙනස් වෙයි කියල.

සිදත් වෙත්තමුනි මහතා දැක්වූ අදහස් මේ…

ඉතින් මම හිතන්නේ මෙ අර්ජුන කිවුවා වගේ හැමෝම එකම දේ තමයි කිවුවේ. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ව්‍යවස්ථාවේ ප්‍රශ්නය. මම හිතන්නේ ඒ ව්‍යවස්ථාව වෙනස් කරනකම් අපේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න හරිම අමාරුයි. ඡන්ද 147 ක් එක්ක වැඩ කරන්න බෑ. ඒකෙන් ඇතිවෙන අඩුපාඩු ගොඩයි. ඒක නිසා අපි කිවුවේ මේ ව්‍යවස්ථාව මාරු කරල ඉදිරියට යන්න ඔනේ කියල. ඉදිරියට යන විදිහ ඇමතිතුමාට තමයි තීරණයක් ගන්න වෙන්නේ කොහොමද වෙනන ඔනේ කියල.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *