ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු දෙදෙනෙක්

(කොළඹ, ලංකාපුවත්) –ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පත් කර තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය වශයෙන් රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මිය පත් කර ඇත.

එම මහත්ම මහත්මීන් ඊයේ(04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මේ අතර අදාළ ආසනවල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිතුමා විසින් එම මහත්ම මහත්මින් පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =