නිව්යෝර්ක් ටයිම්ස් ගැන අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරණය සඳහා චීනය විසින් මහින්ද රාජපක්ෂ මහතාට මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් මඟින් සිදුකරන ලද අනාවරණය පිළිබඳව මෙහිදි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ඊට අමතරව හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‍මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *