ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක ඉහළ අගයක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ විශාලතම රජයට අයත් සිල්ලර අලෙවිසැල් ජාලය වන ලංකා සතොස තම පිරිවැටුම රු. බිලියන 31 ක් දක්වා ඉහළ අගයක් ලබා ගෙන තිබෙන බවත්, එය ලංකා සතොස මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම අගය වන බවත්, ඉදිරි මාස 06 තුළ සතොස ආදායම් තත්ත්වය තව දුරටත් වැඩි කර ගැනීමට සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

ලංකා සතොස වෙබ් අඩවිය www.Lankasathosa.org වේ. මෙම වෙබ් අඩවියෙන් ලංකා සතොස ගැන තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතී.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“ලංකා සතොස පසුගිය වසරේදී වාර්ෂික පිරිවැටුම බිලියන 31 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුණා. එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 15% ක වර්ධනයක් බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපි ලංකා සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ අඩුම මිළට, ප්‍රමිතියෙන ඉහළ පාරිභෝගික භාණ්ඩ පරිභෝගිකයින්ට ලබා දෙනවා. අපේ රටේ ජීවන වියදම තීරණය කිරීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන්නේද ලංකා සතොසයි. ඒ වගේම ඉදිරි කාලය තුඝ ලංකා සතොස විද්‍යුත් වාණිජ්‍ය (E – commerce) උපයෝගී කර ගෙන ගණුදෙනු කිරීමට සැලසුම් කිරලා තිබෙනවා. එය 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ මඟින් භාණ්ඩ වෙළෙඳාම කිප ගුණයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.

ඒ අනුව අපි ලබන වසර වන විට දැනට පවතින ලංකා සතොස අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සතොස ජංගම රථ අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, මෙගා අලෙවිසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, බලාපොරොත්තු වෙනවා. දැනට අපිට ලංකා සතොස අලෙවිසැල් 398 ක් තිබෙනවා. එහි සේවය කරන සේවක සංඛ්‍යාව 5000 ක් පමණ වෙනවා. අපි ඉදිරි කාලය තුළ මේ සේවක පිරිස මනා ලෙස වැඩිදුර පුහුණුවක් ලබා දීමත් ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එමඟින් සතොස ඵලදායීතාය වැඩි කිරීමටත් අපේක්ෂා කරනවා.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ලංකා සතොස සභාපති මොහොමඩ් රිෂ්වාන් හමීන් සතොස ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එම්.ෆරාස්, මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *