රජය මාධ්‍ය නිදහස ඇති කර තිබෙනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –රජය මාධ්‍ය නිදහස ඇති කර තිබෙන බවත් එය ආරක්ෂා කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

නෙත් එෆ්.එම් නාලිකාවේ කාලීන වැඩසටහනක් වන බැලුම්ගල වැඩසටහන සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂණයක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී කළ විමසීමකට
පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

මේ රජය මාධ්‍ය නිදහස ඇති කළා. එය ආරක්ෂා කළා. පොලිස් පැමිණිල්ලක් නිසා පොලීසිය ගත් පියවරක් තිබෙන්නේ. නෙත් FM සේවය බැලුම්ගල වැඩසටහන ගැන පැමිණිල්ලක් කර තිබෙනවා. වැඩසටහන මෙහෙය වූ අයගෙන් ප්‍රකාශ සටහන් කර තිබෙනවා. පොලීසිය මැයි 08 අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා. නෙත්FM සේවය වැඩසටහනට මැදිහත් වි නෑ. ප්‍රමාණවත් මාධ්‍ය නිදහසක් තිබෙනවා. මාධ්‍යවේදීන් වෙත එල්ලවන තර්ජනවලට විරුද්ධයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =